Saturday, September 27, 2014

Ek Villain - Banjaara

Ek Villain - Banjaara





මගේ ජීවිතය ගැන සොයන කෙනා
ඇයද/ඔහුද මගේ ගමනාන්තය
ඇයි මගේ හදවත කියන්නේ ඇය/ඔහු ලග නවතින්න කියලා..

මට අලුත් හැගීම් ලැබුණා
මම දන්නෑ මේ කුමක් නිසාද කියා
මට ආපසු බලාපොරොත්තුවක ආරම්භයක් ලැබුණා
කවුරුහරි කෙනෙක් මාව පිළිගතිපු නිසා..

හරියට ගසල් කවියක් වගේ
මගේ ආත්මයට සාමයක් දැනුණා
මට කෙනෙක් ලැබුණා
හරියට අහිගුණ්ඨිකයෙක්ට නිවහනක් ලැබුණා වගේ..

 

















හරියට අලුත් සෘතුවක උදෑසනක් වගේ
නැතිනම් ශීත සෘතුවක දහවලක් වගේ
මට කෙනෙක් ලැබුණා
හරියට අහිගුණ්ඨිකයෙක්ට නිවහනක් ලැබුණා වගේ
පාරවල් දෙකක් හමුවන තැනක් සේ
මගේ ජීවිතයේ එක් මොහොතක ඇය/ඔහු ලැබුණා..

තරුවක් අහස දිදුලවනවා වගේ
ඇය/ඔහු මුලු නගරයම දිදුලවනවා
මගේ හැම දුකක්ම මට අමතක වුණා
මේ හේතුව නිසා
ඇය/ඔහු මට ආපසු ජීවත් වෙන්න කියා දුන්නා..

වැස්සක් වගේ නැතිනම් ලෙඩකට ඔසුවක් වගේ
මට කෙනෙක් ලැබුණා
හරියට අහිගුණ්ඨිකයෙක්ට නිවහනක් ලැබුණා වගේ..

සිනහ වුණ මුහුණ බලා සිටිනකොට
ඇගේ/ඔහුගේ හිතේ තවත් කිසිම දෙයක් හැංගිලා තියෙනවද 
කියලා මට පේන්නෙ නෑ
ඇය/ඔහු නිතරම මට සෙවනක් වුණා
හරියට අව්රශ්මියකදි සෙවනක් ලැබුණා වගේ..

ඇයි මට දුක දැනෙන්නෙ
ඇයට වේදනාවක් දැනුනම
හදවත, කියන්න මොනවද ඔයාට ඕන..

මම කලබල වුණ කුරුල්ලෙක් වගේ ඒ මේ අත ගියා
මට කෙනෙක් ලැබුණා
හරියට අහිගුණ්ඨිකයෙක්ට නිවහනක් ලැබුණා වගේ..

Ek Villain - Banjaara

 ****************************************************
Tags: Ek Villain Banjaara, Banjaara song meaning, banjaara lyrics, banjaara sinhala lyrics, ek villain movie songs meanings, song meanings, sinhala lyrics, sinhala meanings of hindi movie song, banjaara song, banjaara video song, ek villain movie songs



No comments:

Post a Comment